නරක් වු කෑම විකිණු 24 කට නඩු


 

( ජුඩ් සමන්ත) 

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සමයේ ඒ අවට පවත්වා ගෙන ගිය තාවකාලික වෙළදසල් නිරන්තර පරීක්ෂාවට  ලක් කළ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ සහ අලෙවිය සදහා ප්‍රදර්ශනය කළ ව්‍යාපාරිකයින් 24 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ.
 
පුහුණු වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායම් දෙකක් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.
 

මෙහිදී ව්‍යාපාරික ස්ථාන 12 ක තිබූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමද සිදු කැරිණි.  තාවකාලික ආපන ශාලා,රසකැවිලි ආහාර අලෙවි කළ ස්ථාන,සිසිල් බීම අලෙවිසල්,සහ ක්ෂණික සිසිල් බීම අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් වැඩි අවධානයක් මෙහිදී  යොමු කර තිබිණී.