(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - ලග්ගල පිහිටි නකල්ස් කදු පංතියට පමණක් ආවේනික වු ඉපැරණි දේශිය ඖෂධ වර්ග තුනක් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති හෙයින් වහාම සංරක්ෂණයට පියවර ගන්නැයි ලග්ගල පාරම්පරික දේශිය වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටිති.
ලග්ගල දී පමණක් හමුවන සුවිශේෂි බෙහෙත් පැළෑටි හා වැල් වශයෙන් පවතින බිංතඹරු, මියන සහ කුඩමාවැරැල්ල ශාක මේ වන විට වදවී යෑමේ ශාක බවට පත්වී ඇතැයි ලග්ගල පාරම්පරික දේශිය වෛද්‍ය හා ලග්ගල ආයුර් වේද සංරක්ෂණ සභාවේ සභාපති බී.ජි.සාලියදාස මහතා පැවසීය.
පරිසරයට අධික කෘමි නාශක මුසුවීම,වනාන්තර එළිපෙහෙළි කිරිම් හා කාලගුණික විපර්යාස වැනි කාරණා හමුවේ මෙම වටිනා පැළෑටි විනාශවීමේ තර්ජනයට මුහුණ දී ඇති බව ද හෙතෙම කියා සිටියේය.
තවමත් වනාන්තර තුළ දී පමණක් හමුවන මෙම දුර් ළභ පැලෑටි ඖෂධ වශයෙන් ලබාගැනීම පවා මේ වන විට අවදානම් වී ඇත්තේ පරිසරයට මුදා හරින විවිධ කෘෂි රසායන හේතුවෙන් බව ද සාලියදාස වෙද මහතා කියා සිටියේය.
නකල්ස්හි ආවේණික ඖෂධ කිහිපයක් වඳවීමේ තර්ජනයක්
Recommended Articles