ධීවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර ඔවුන්ට හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවසයි.
ලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර ජනතාවට අභිමානයක් සමග වෘත්තීය ගෞරවය ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ඇරැඹිමට නියමිතය.
මේ වන විට රට පුරා විසිරි පවතින ග්‍රාමීය ධිවර සමිති සියල්ලට එක් ධිවර බැංකු ශාඛාවක් බැගින් පිහිටුවීමටද අමාත්‍යංශය තීරණය කර තිබේ.
ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් සහ ජාතික ධිවර මහා සම්මේලනයේ අධ්‍යක්‍ෂකවරුන් දැනුවත් කිරීම සඳහා පැවැති උත්සවයකදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙම තීරණය පිළිබඳව අදහස් පළ කළේය.
(36698)