ධීවර දැලක පැටළුණු මළ සිරුරක් ගොඩගනී


(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටි කළපුවේ වන්නිමුන්දලම ප්‍රදේශයේ දී  පුද්ගලයකුගේ මළ සිරුරක් ධීවර දැලක පැටලී තිබී අද (14 ) හමු වී ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
 
මෙම සිරුර අවුරුදු 50ක් පමණ තැනැත්තෙකුගේ බවද, අඩි 5ක් පමණ උස, මදක් වැඩුණු සිරුරක් ඇති අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
 
මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.
 
මෘත දේහය පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.