(නිමල කොඩිතුවක්කු)
ධීවර යාත‍්‍රා යොදාගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කටයුතු ඉහළ යාම නිසා එම කටයුතු පාලනයට විශේෂ මෘදුකාංගක් හඳුන්වාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.
නව මෘදුකාංගය හදුන්වාදීමත් සමඟ ධීවර කටයුතු සඳහා මුහුදු යාමේදී ධීවරයින් විසින් දැනට පුරවන පෝරම කිසිවක් අවශ්‍ය නොවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.
ධීවර යාත‍්‍රාවක් මුහුදු යාමේදී එහි සිටින අය සහ රැගෙන යන භාණ්ඩ පිළිබඳව එසැණින් ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත තොරතුරු මෙම මෘදුකාංගය මගින් ලබා දෙයි .
එකී තොරතුරු අනුව අදාළ ධීවර යාත‍්‍රාවේ සිටින කණ්ඩායම පිළිබඳ දත්ත අනුව ගැලපෙන්නේද , ඔවුන් සැබෑ ලෙසම ධිවර කාර්මිකයින් ද යන්න හඳුනාගැනීමට හැකිවීමත්, එකී දත්ත අනුව ගමනට අවසර දීම හෝ යාත‍්‍රාවේ ගමන නැවත්වීමට අදාළ අංශවලට ඉතාම කෙටිකාලයක් තුළ හැකි වීම මෙහි විශේෂත්වයකි.
අදාළ යාත‍්‍රාව මුහුදු ගිය පසු එම යාත‍්‍රාව ඇති ස්ථානය නිවැරදිව හදුනාගැනීමේ පහසුකම් සහිත මෙම මෘදුකාංගය මගින් ධීවර ජනතාවටද විශාල සේවයක් සිදුවන බවද දිලීප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.