ඩී.කේ.රත්න
ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් දෝව රක්ෂිතයේ අද (21) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි පරබූ දේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
පවතින දැඩි සුළං තත්වය නිසා මෙම ගින්න සීගරවේයෙන් පරන් දේශය පුරා පැතිර ගොස් තිබෙන අතර මෙම ගින්න හටගැනීමත් සමඟ ඇල්ල පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන්ගේ සහ පරන් දේශවාසීන්ගේ සහයෝගය මත මෙම ගින්න නිවා දමා තිබේ.
මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ ඖෂධ පැළෑටි රැසක් සහ වන සතුන් හා කෘමි වර්ග රැසක් විනාශ වෙන්නට ඇතැයි පරිසරවේදීහු කියති.
කිසියම් පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.