(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තිස් වසරක් තිස්සේ ලබාදුන් වාර්ෂික දිරි දීමනාව නොගෙවන බවට චෝදනා කරමින් දූනගහ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ සේවක මණ්ඩලය අද (15) දවස පුරා විරෝධතාවයක යෙදුණහ.
250 ක් පමණ වන සේවක පිරිස මෙසේ විරෝධතාවේ යෙදෙමින් සේවයෙන් ඉවත් වී ආයතන භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සමුපකාර දිනෙන් ඉවත්ව යන අවස්ථාවේ සේවක පිරිස් ඔවුනටද විරෝධය පෑහ. ගතවු වසර දෙකෙහිදී ද තමන්ට මෙසේ දිරි දීමනාව ලබා නොදුන් බවට ඔවුහු චෝදනා කළහ.
මේ සම්බන්ධව එහි සාමාන්‍යාධිකාරී එච්.ඒ නුවන්කුමාර මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නීති රීති රීතිවලට යටත්ව ක්‍රියා කරන හෙයින් අනුමැතියක් ලැබී නැති නිසා මෙම දිරි දීමනාව ගෙවීමට නොහැකි වී ඇති බවයි.
සේවක ඉල්ලීම් වලට සම්පකාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණ හොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් පරිදි අදාළ දිරි දීමනා ගෙවිය හැකි බවද ඔහු සඳහන් කළදිරි දීමනාව ගෙවූ බව ද සාමාන්‍ය අධිකාරිවරයා කීය දිරි දීමනාව ගෙවූ බව ද සාමාන්‍ය අධිකාරිවරයා කීය.