(විනීතා එම් ගමගේ)
දුෂ්කර පළාත් සඳහා ලෝක බැංකු ආධාරයෙන් ක‍්‍රියාත්මක වන පානීය ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘති කඩිනම් කිරීමේ අරමුණින් අධීක්ෂණය කිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
එම අමාත්‍යංශයේ ලේකම් ඩි.ජී.එම්.වී හපුආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කණ්ඩායමක් විසින් ඒ සඳහා අද (22) සිට 24 වැනිදා දක්වා අදාල ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට නියමිතය.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදේශකත්වය මත දැනට දුෂ්කර දිස්ත‍්‍රික්ක හතක ක‍්‍රියාත්මක වන පානීය ජල සැපයීම හා සනීපාරක්ෂක ව්‍යාපෘතීන් අතර මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකවන හා ඉදිවෙමින් පවතින ව්‍යාපෘතීන් මෙම චාරිකාවන් නිරීක්ෂණ සහ අධීක්ෂණය කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතිවල සේවකයන්ට පුහුණු කිරීම හා මග පෙන්වීමේ වැඩසටහන්ද මෙම කාලය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය