(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (4) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොහු කුළියාපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි .
එහි රුපියල් 16,50,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි වර්ග තුනකට අයත් දුම්වැටි 30,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 150 ක් තිබී සොයා ගෙන ඇත.
දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණි.