( බිමල් ශ්‍යාමන් සහ රාමනායක)
දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකථන සොරාගත් සැකකරුවකු ජංගම දුරකතන 45 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
හබරාදුව - හල්පේ පදිංචි ක්‍රිෂාන්ත හෙවත් 'කිරා' යන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව පොලිසිය පවසයි.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ලද තොරතුරු මත දෙහිවල දුම්රිය ස්ථානය අසළදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු එම දුරකථන දෙහිවල ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බව ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී ඇත.
සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
( ඡායාරූප - බිමල් ශ්‍යාමන්)