(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර පඹුරණ අබේගුණරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ දී අද (13) දුම්රියේ හැපීමෙන් මෝටර් රථයක ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකු මිය ගිය බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගිය ව්‍යාපාරිකයාගේ දියණිය හා මස්සිනා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුරින් මරුමුවට පත් වූයේ මාතර වෙලේගොඩ පදිංචිව සිටි ධම්මික කුමරප්පෙරුම (52) නැමැති තිදරු පියෙකි.
අදාළ දුම්රිය හරස් මාර්ගයට අනතුරු ඇඟවීමේ ආලෝක සංඥා හා නලා සංඥා පද්ධතියක් සවිකර තිබෙන අතර ඒවා නොතකා යන අතරතුර දී මෙම අනතුර සිදුව තිබේ.