දිස්ත්‍රික් මට්ටමින් සාමසාධක බළකා පිහිටුවීමට තීරණයක්



 
 
ශිරාන් රණසිංහ
 
ජාතික සමගිය,සංහිදියාව සහ සහජීවනය ඇති කිරිම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ‘සාමසාධක බළකා’ පිහිටුවීමට රජය තීරණය කර ඇත.


ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික සංහිදියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය එක්ව මෙය ක්‍රියාත්මක කෙරේ.


මෙම සාම සාධන බළකා පිහිටුවීමේ දී අවශ්‍ය අවස්ථාවලදී එම බළකා පළාත් මට්ටමින් ද පිහිටුවීමට නියමිතය.


සාම සාධක බළකා පිහිටුවීමට අදාළ අද (7) අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළ අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ද ජාතික සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ කාර්යාලය වෙනුවෙන් එහි මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා ඊට අත්සන් තබා ඇත.