(ඔගස්ටින් ප්‍රනාන්දු)
වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ පෞද්ගලික පිහිනුම් තටාකයක දිය නාමින් සිටිය දී දියේ ගිලිමෙන් 15 වන වියේ පසුවන පාසල් සිසුවකු අද (6) දහවල් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ විසු කටුනේරිය ප්‍රදේශයේ මහ විදුහලක අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවෙකු වන තිරුත් සුලක්ෂණ නමැති සිසුවායි.
වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේ පිහිටි මෙම තටාකය පාසල් සිසුන් වැඩි වශයෙන් පිහිනුම් කටයුතු පුහුණවීම සඳහා යොදා ගන්නා අතර මෙම සිසුවා තම මිතුරන් පස් දෙනෙකු සමඟ අද (6) දහවල් මෙහි පැමිණ පිහිනමින් දිය නාන්න වූ බවත් ඒ අතකර ඔහු දියේ ගිලි මතුපිටට නොපැමිණි නිසා මිතුරන් ගිලි බැලුවිට ඔහු දියේ ගිලි සිටියදී සොයා ගෙන වහාම ගොඩ ගෙන මාරාවිල මුලික රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් සිසුවා මිය ගොස් සිටි බවයි.
මෙම සිසුවා මෙයට කලින් ද දිය නාන්න පැමිණි විට දියේ ගිලී වැඩි වේලාවක් දිය යට රැදී සිටිමට පුරුදුව සිටි අයෙකු බවත් කියයි.
සිසුවාගේ මරණ පරීක්ෂණ කටයුතු අද (6) පස්වරු මාරාවිල හදිසි මරණ පරික්ෂක පද්මසිරි ගරුසිංහ මහතා විසින් මාරාවිල මුලික රෝහලේ දි පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.