දියේ ගිලී 15 හැවිරිදි ළමයෙක් මරුට


සුමතිපාල දීයගහගේ

 

මාමඩල තුනේ කණුව අසල නාන තොටුපළක නාමින් සිටි ළමයින් දෙදෙනකුගෙන් එක් අයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට ඩිපෝ හන්දිය ප්‍රබෝධාරාම පාරේ පදිංචිව සිටි කතලුව හේවගේ ලක්ෂාන් මධුවන්ත (15) නම් වේ.

ප්‍රදේශවාසින් විසින් දියේ ගිලුණු ළමයා ගොඩට ගෙන රෝහලට ගෙන ගොස් ඇතත් ඒවන විටත් ළමයා මිය ගොස් සිටි බව වාර්තා වේ.

මිය ගිය ළමයාගේ මරණ පරික්ෂණය අද (6) හම්බන්තොට රෝහලේදී පැවැත්වීමට නියමිතය.