දියර කිරි බවුසරය මාර්ගයෙන් ඉවතට පෙරැළෙයි


(රංජිත් රාජපක්ෂ)     

                   
වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා දියර කිරි ප්‍රවාහනය කරන බවුසරයක් අද(23) උදෑසන 6.00ට පමණ මාර්ගයෙන් ඉවතට පෙරළී ඇතැයි නොර්වුඩ් පොලිසිය පවසයි.

බවුසරය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහතට පෙරළීමෙන් මෙම අනවතුර සිදුව ඇත.

අධික වේගයෙන් රිය ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බව පොලිසියි කියයි.
 
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදු තිබේ.
 
අනතුරෙන් බවුසරයේ රියදුරුට හානියක් සිදු වී නොමැති  නමුත් බවුසරයට දැඩි අලාභ හානි වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.