(ඩබ්.ඒ.පියතිලක)
ඇලහැර දියබෙදුම ප්‍රාථමික රෝහල වෛදවරු නොමැතිකමින් නේවාසික රෝගීන් බාර නොගන්නා බවත් දිවා කාලයේ පමණක් ප්‍රතිකාර කර රාත්‍රී කාලයේ රෝහල වසා දමන බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම රෝහල වසර 40ක කාලයක් සිට ගම්මාන 20ක ජනතාව දිවා රාත්‍රී දෙකේම ප්‍රතිකාර ගෙන තිබෙන ගම්මු පවසති.
නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අංග සම්පුර්ණ වාට්ටු සංකීර්ණ දෙකක් සහිතව රෝගීන් 40කට ප්‍රතිකාර ලබා ගැනිමට පහසුකම් තිබේ.
මේවන විට එම රෝහලේ කාර්ය මණ්ඩලය ලෙස එක් වෛද්‍යවයකු, හෙදියන් සිව් දෙනෙකු ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලය 15 ක් සේවය කරති.
පසුගිය වසර දෙක තුළ රුපියල් ලක්ෂ 110ක මුදලක් වැය කර වෛද්‍යවරුන්ගේ නිල නිවාස ඇතුළු අංග සම්පුර්ණ රෝහලක් බවට පත් කලත් වෛද්‍යවරු නොමැති වීමෙන් රෝහල වසා දැමීමට ආසන්න වී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් පොලොන්නරුව ප්‍රදේශීය සෞඛ්‍ය අධක්ෂක වෛද්‍ය ඩී.එස්.ඒ. ජයසිංහ මහතා මෙසේ කීය.
‘මෙම රෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හිටියා මීට මාසයකට පමණ පෙර. එයින් එක් වෛද්‍යවරයකු සේවය හැර ගියා. අනික් වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ආවා. පසුව ඒ වෛද්‍යවරයා පමණ උපදෙස් දුන්නා වෙනත් වෛද්‍යවරයෙක් එනතුරු ස්ථාන මාරුවිම අනුමත කළ නොහැකි බව නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරින්ගේ උපදෙස් පරිදි එම වෛද්‍යවරයාගේ ස්ථාන මාරුවිම සිදු කිරිමට මට සිදු වුණා.
පසුව එක් වෛද්‍යවරයකුට දිවා රාත්‍රි එක දිගටම සේවය කළ නොහැකි නිසාත් ප්‍රාථමික රෝහලක් ලෙස පවත්වාගෙන යැමට නොහැකි බැවින් උපදෙස් දුන්නා දිවා කාලයේ පමණක් රෝගීන්ට ප්‍රතිකාර කර රාත්‍රී කාලයේ නේවාසික රෝගීන් පොලොන්නරුව මහ රෝහල වෙත ඒවා රෝහල වසා දමා වෛද්‍යවරු ලැබෙන තෙක් මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබා දුන්නා. මෙම රෝහලට වෛද්‍යවරු තිදෙනෙකුගේ අවශ්‍යතාවය තිබෙනවා. මෙම රෝහල ප්‍රාථමික රෝහලකට අවශ්‍ය පරිදි අංග සම්පුර්ණව සියලු පහසුකම් ලබා දී තිබුණත් වෛද්‍යවරුන්ගේ හිඟය මුල් කර ගනිමින් මේ අයුරුන් රෝහල පවත්වාගෙන යනවා යැයි කීය.