(ඩී.කේ.රත්න සහ සමන් පාලිත නානයක්කාර)
දියතලාව ගල්ඒදණ්ඩ ප‍්‍රදේශයේදී අද (22) සවස බඹරු ඇනීම නිසා කාන්තාවක් මිය ගොස් ඇතැයි දියතලාව පොලීසිය පවසයි.
දියතලාව ගල්ඒදණ්ඩ පදිංචි දෙලංකා පේලිගේ ජයන්ති ස්වර්ණලතා (58) නැමති කාන්තාවක් බඹරු ඇනීමෙන් මෙලෙස මිය ගොස් ඇත.
මෙම කාන්තාව තම නිවස අසලම වගා කර තිබූ බෝංචි වගාවක බෝංචි නෙළමින් සිටියදී එම වගාව අසල ගසක බැඳ තිබූ බඹරයක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මියගිය කාන්තාවගේ මෘතදේහය දියතලාව මූලික රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.