දියණියව අතවරයෙන් බේරීමට ගිය පියාට පිහිපහර


(ප්‍රියානි මංගලිකා)

පන්නල පොලිස් වසමේ, ගෝනවිල දී සිය දියණියව පුද්ගලයන් දෙදෙනෙකුගේ අතවරයකින් බේරාගැනීමට තැත් කළ පියෙකුගේ දෑතට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල වීමෙන්, තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය කියයි.

බරපතල තුවාල ලැබූ 60 හැවිරිදි පියා සඳලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයාගේ දියණිය, වැන්දඹු එක්දරු මවක බවද, මවුපියන් සමඟ කුලී වැඩ කරමින් දිවි ගෙවා ඇති බවද, මූලික  පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධියෙන් පසුව සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇතිබව ද, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

පන්නල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.