(එම්.සුසිල් ප්‍රියන්ත)
සිය දුව අපයෝජනය කළා යයි කියන පියෙකු අද (18) අහුන්ගල්ල පොලතුපළාත ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
සැකකරුගේ දියණිය කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව මෙසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
හතලිස්තුන් හැවිරිදි සැකකරු පැවිදිව සිට සිවුරු හැර ගිය අයෙකු බවත්, ඔහු පැවදිව සිටියදී විහාරස්ථානයට පැමිණි දායිකාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිළි රැසක් ඇති අයෙක් බවත් පොලීසිය කියයි.
සැකකාර පියා අතින් අපයෝජනය වී ඇතැයි කියන 17 හැවිරිදි දියණිය වෛද්‍ය පරීක්ෂණය සදහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය කියයි.
සැකකරුගේ භාර්‍යාව ඔහු අතහැර ගොස් ඇති බවද පවසන පොලීසිය ඔහුව හෙට (19) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කීවේය.
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.