(සුමතිපාල දීයගහගේ )
තම පහළොස් හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය පවසයි. 2014 වසරේදි මෙම දැරියගේ මව විදේශගත වූ පසු දැරිය සහ ඇගේ මල්ලී පියා සමග ජීවත් වී ඇත.
ඊට පසු පියා විසින් වරින් වර දැරිය අපයෝජනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මේ අතර දැරියගේ මව විදේශයේ සිට නැවත ගමට පැමිණ ඇගලුම් කම්හලක රැකියාවක් ආරම්භ කර ඇත.
මව රාත්‍රී කාලයේ සේවා මුර අනුව රැකියාවට ගිය පසු සැකකරු තම දියණිය අපයෝජනය කර ඇති බව මවට දැන ගැනීමට ලැබී, පසු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (1) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.