දිඹුලාගල වන අලි පහර දීමකින් අයෙක් මරුට



 
කග කරුණාරත්න
 
අරලගංවිල පොලිස් වසමට අයත් දිඹුලාගල, ඉහළඇල්ලේවැව ප්‍රදේශයේදී අද (12) අලුයම වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.


ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිඹුලාගල ඉහළඇල්ලේවැව, අංක 186 ලිපිනයේ පදිංචිව සිටි ඒ.ටී.වසන්ත කුමාර නමැති 46 හැවිරිදි අයෙකි.


හෙතෙම අලුයම 5.30 ට පමණ ඉහලඇල්ලේවැව විහාරස්ථානය අසල පිහිටි වාරිඇලට මුහුණ සේදීම සඳහා ගිය අවස්ථාවේදී අලියාගේ පහර කෑමට ලක්වී තිබෙන බව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.