දික්වැල්ලේ පාසලක ගින්නක්



 
 
නිමල්  ලන්දගේ   
                   
දික්වැල්ල  විජිත  මධ්‍ය  විදුහලේ  පිරිමි  නේවාසිගාරයේ   අද (26)  දහවල්  1 ට  පමණ  ඇතිවු  ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


පාසලේ වහළයට, බිත්තිවලට  හා  උස  පැනීම   සඳහා  යොදාගන්නා ඉහළ  වටිනාකමක්  සහිත  මෙට්ට  2  ක්  ඇතුළු  භාණ්ඩ  කිහිපයකට  හානි සිදුවී තිබේ.


මෙය  කිසියම්  කණ්ඩායමක්  සිදුකළ  ගිනි  තැබීමක්  බව  පිරිමි  හා  කාන්තා  නේවාසිගාර  භාරකරුවන්  පවසයි.  සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.