දැරියක අපයෝජනය කළ සාමදාන විනිසුරුවරයකු අත්අඩංගුවට


(ජේ.කේ.එල්.චාමින්ද)

දස හැවිරිදි  දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ  70 හැවිරිදි  සාමදාන විනිසුරුවරයෙකු හා ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත්බව අක්මීමන පොලිසිය පවසයි.

සාමදාන විනිසුරුවරයා මෙම දැරිය සිය ත්‍රීරෝද රථයෙන් පාසලට රැගෙන යාම සිදුකරන බවත් මොහු මෙම දැරිය තම මිතුරාගේ නිවසට රැගෙන ගොස් එහිදි දෙදෙනා එක්වි දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවත් පොලිසිය කියයි.

මේ පිළිබඳව හෙළි කළහොත් දැරියගේ මව මරාදමන බව දැරියට තර්ජනය කොට ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.

දැරිය නිවසකට රැගෙන යන අයුරු දුටු අසල්වැසියකු මේ ගැන දැරියගේ මවට පවසා ඇත.ඒ අනුව දැරිය මවට සිද්ධිය පවසා ඇති අතර  පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සාමදාන විනිසුරුවරයා හා  ඔහුගේ මිතුරා අක්මීමන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.