(දයාරත්න ඇඹෝගම)
බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය කරන ලදැයි කියන දැරියගේ මවගේ තුන්වැනි සැමියා අද (22) කැලේඅමුණුගමදී අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලේඅමුණුගම, එප්පාවල පදිංචි 38 හැවිරිදි පෙදරේරුවෙකි.
අපයෝජනයට ලක්ව ඇති මෙම දැරිය සිය මවත්, සැකකරුත් තිදෙනාම ජිවත්වන්නේ කැලේඅමුණුගම ප්‍රදේශයේ නිවසක බව පොලිසිය පවසයි.
දැරියගේ මව, සිය පළමු හා දෙවැනි සැමියන්ගෙන් ද වෙන්ව මෙම සැකකාර තුන්වැනි සැමියා සමඟ එක්ව සිටින්නීය.
සැකකරු මෙම දැරිය වසර කිහිපයක් තිස්සේ අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය මුල්වරට අනාවරණය කරගෙන ඇත්තේ තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරිනියක විසිනි.
ඇය විසින් එප්පාවල පොලිසියට කළ දැනුම්දීමක් මත සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු අත්අඩංගුවට ගැනීමට පෙරදින රාත්‍රී ද මව නින්දට ගිය අවස්ථාවේ දැරිය අපයෝජනය කර ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.