(ජුඩ් සමන්ත)
නාඳුනන පිරිමි මළ සිරුරක් දැදුරුඔයේ පා වෙමින් තිබියදී සොයා ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.
හලාවත - සිප්පිකලාන, මැල්ලකැලේ ප්‍රදේශයේ දැදුරුඔය ඉවුරට ගොඩ ගසා තිබූ මෙම මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් හලාවත පොලීසිය දැනුවත් කර තිබුණි.
මිය ගොස් ඇති අය කාගේ කවුරුන්ද , මිය යාමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිරුර තිබෙන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි පොලීසිය කියයි.