දාහේ හොර නෝට්ටු 29 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට


( පැතුම් දර්ශන)
 
රුපියල් දාහේ හොර නෝට්ටු 29ක් සමඟ සැකකරුවන්  තිදෙනකු  හොරොව්පොතාන නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
 
 ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන පුද්ගලයන් තුන්දෙනෙකු හොරොව්පොතාන නගරයට ත්‍රීරෝද රථයකින් පැමිණෙන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇත.
 
අතර ඔවුන් මහදිවුල්වැව පළමු පියවර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
 මොවුන් දීර්ඝකාලයක සිට සූක්ෂම ලෙස මෙම හොර නෝට්ටු ජාවාරම සිදු කර  ඇති බව පවසන පොලිසිය දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් වෙළඳසැල්වලින් විවිධ භාණ්ඩ මිලට ගෙන මුදල් මාරු කරගෙන ඇති බව කියයි. 
 
 මෙම ජාවාරමෙ මහමොළකරු පන්කුලම් මොරවැව, රොටවැව ප්‍රදේශයේ අයෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර ද ඔහු සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
 
අත්අඩංගුට ගත් සැකකරුවන් අද(31) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.