(චාපා මධුභාෂිණි )
මැදිරිගිරියේ සිට කුරුණෑගලට දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක ලෑලි සහ උළුවහු කඳන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයකු අද(23) සැකපිට අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත පිටිගල මහතා ලද තොරතුරකට අනුව විශේෂ මාර්ග බාධක යොදා කළ වැටලීමකදී මෙම ලී තොගය පොලිස් බාරයට ගෙන ඇත.
ලොරි තට්ටුවේ ඉදිරියට සහ පිටුපසට දහයියා ගෝනි ද මැද ලී තොගය ද අසුරා තිබූ බව පොලිසිය කියයි. දැව කඳන් දිරාපත් ඒවා ලෙසින් පෙන්වීම සඳහා ඒවායේ මඩ තවරා තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.