දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා


(කාංචන කුමාර ආරියදාස)
 

අධික වර්ෂාව හේතුවෙන් දඹුල්ල උසාවිය හන්දිය ප්‍ර දේශයේදී ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබූ බව පොලිසිය කියයි.

දුරකථන රැහැන්වලට හා කණු කිහිපයකටද හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

දඹුල්ල පොලිසිය සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව  ප්‍රධාන මාර්ගය හරහා වැටී තිබූ ගස කපා ඉවත් කිරීමට පියවර ගත්හ.