( බටපොල දීපාල් ද සිල්වා)
මේ වනවිට දකුණු පළාතේ පැතිරයන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගය පාලනය කරගැනීම සඳහා පාසැල් දරුවන් උණ, කැස්ස වැනි තත්වයන්ගෙන් පෙළෙන්නේ නම් පාසලට එවීමෙන් වළකින ලෙස දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දකුණු පළාතේ පැතිරෙමින් පවතින බැවින් එය පාසල් දරුවන් අතර බෝවීම වලක්වා ගැනිමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද ඇමතිවරයා පවසයි.
දැනට ලැබී ඇති තොරතුරු අනුව වසංගත රෝග තත්වයක් උද්ගත නොවී එය පාලනය කරගත හැකි අවස්ථාවක් තිබෙන බවත්, පාසල් තාවකාලිකව වසා දැමීමට නිර්දෙශය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට තමන් කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.
දැනට මෙය වැලඳුණු රෝගින් 600ක් පමණ වර්තාවන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා කර්යාලය පවසයි.