කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් අනුව නිර්මල බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු කොරියාවේ මහමෙව්නා භාවනා අසපු ශාඛාවක් 2014 වසරේදී ආරම්භ කරනු ලැබිය. මුලදී ඉතා සුළුවෙන් ආරම්භ කෙරුණ මෙම අසපු මධ්‍යස්ථානය සඳහා ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික මෙන්ම කොරියා ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය සහ සහභාගිත්වය ලැබෙන්නට පටන් ගැනුණි.
මේ හේතුවෙන් අසපු මධ්‍යස්ථානය පහසුකම් සහිත ස්ථාවර බිමක ඉදිකිරීමේ අවශ්‍යතාවය පැන නැඟුනි. සැදැහැවතුන් සියලුම දෙනාගේ පරිත්‍යාගශීලි සහභාගිත්වයෙන් අසපුවේ වැඩ කටයුතු තවදුරටත් පුළුල් කරමින් කොරියාවේ අග නුවර වන සෝල් නගරයට කිලෝ මීටර් 30 පමණ දුරකින් පිහිටි අන්සාන් නගර මධ්‍යයේ දුම්රියපළට යාබදව පිහිටි සියලු දෙනාට පහසුවෙන් ළගා විය හැකි නව භුමි භාගයකට අසපු මධ්‍යස්ථානය ගෙනගොස් එහි පිහිටි මහල් 2 කින් සමන්විතව මනා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලෙහි විහාර මන්දිරය සහිත වු ආරාමයක් ඉදිකරනු ලැබිය.
අලුතෙන් ඉදිවූ එම අසපු මධ්‍යස්ථානය 2016 ක් වු පොසොන් 5 වැනි ඉරුදින ශ්‍රී ලාංකික මෙන්ම කොරියා ජාතික බෞද්ධ ස්වාමීන් වහන්සේලා ද දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රධාන ශ්‍රී ලංකීක මෙන්ම කොරියා ජාතික සැදැහැවතුන් විශාල පිරිසකගේද සහභාගිත්වයෙන් බුදු සසුනට පුජා කරනු ලැබිය.
අසපුව විවෘත කිරීමේ පින්කම පිළිබද BTN රූපවාහිණි නාළිකාවේ විකාශය වු ප්‍රවෘත්තිය.

![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/211.png)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/311.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/511.png)
![9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/91.png)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/1011.png)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/111.png)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/121.png)
![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/1511.png)
![19[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/191.png)
