(සඳලංකාව හේමලතා ඩී. හේවගේ)
දංකොටුව පොලිස්වසම තුල අද (31) අඵයම 2.00 සිට උදෑසන 6.00 දක්වා සිදුකරන ලද විශේෂ අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමෙහිදී විවිධ වැරදි සිදුකල පුද්ගලයන් 29 ක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි.
වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ සංකල්පයකට අනුව දිවයිනපුරා පොලිස් බලප්‍රදේශ ආවරණ වන අයුරින් ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුමේදී සොරකමට සැකපිට සැකකරුවන් 05ක්, දින වරෙන්තු 06ක්, විවෘත වරෙන්තු 06ක්, ගංජා ලඟ තබාගත් 03ක්, බීමත් රිය ධාවනය කල 02ක්, නීතිවිරෝධී මත්වතුර ප්‍රවාහනය කල 02ක්, ඇතුඵ සැකකරුවන් 29ක්, අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා සහභාගී වූ බවද සඳහන්වේ.
දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එස්. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු මෙම වැටලීම සඳහා එක්වූහ.
දංකොටුවේ අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමකදී 29 ක් අත්අඩංගුවට
Recommended Articles