තෝනිගල ගල් වලක පිරිමි මළ සිරුරක්


සටහන ජායාරුප - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව තෝනිගල පැරණි ගල් වලක ජලයේ තිබි අද (13) සවස පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ සොයා ගත් මළ සිරුර ආණමඩුව මහ උස්වැව ඉහල කොටසේ පදිංචිව සිටි ඩි.එම් .දයාරත්න (38 ) නැමති අයකුගේ බවට ඔහුගේ ඥාතින් විසින් හදුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

ගල් වල තුළ මරණයට පත්ව සිටි පුද්ගලයා ආණමඩුව දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැන විත් රෝහල් සේවකයින් විසින් අල්ලා නැවත රෝහලට රැගෙන ප්‍රතිකාර ලබමින් සිටියදි මොහු නැවතත් රෝහලින් පැන ගොස් ඇති බවද පොලිසිය පවත්වන පරික්ෂණ වලදි අනාවර්ණය වි තිබේ.

මේ පුද්ගලයා ආණමඩුව රෝහලට ඥාතින් ඇතුලත් කර ඇත්තේ අපස්මාරය සහ මානසික රෝගි තත්වයක් හේතුවෙන් බවද කියයි.

කෙසේ නමුත් විශාල ගල් වලවල් සහිත තෝනිගල ප්‍රදේශයට මරණයට පත්වු තැනැත්තා කුමකට පැමිනියාද යන්න පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වල නිරික්ෂණයට ලක්ව තිබේ.

පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් පසාල් අබුතාහිර් මහතාගේ නියෝගයෙන් අදාල සිරුර ගොඩ ගෙන තිබු අතර ඉන් පසුව අදාල සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යැවිමට පොලිස් නිලධාරින්ට නියෝග කළේය.