(කුෂාන් ජයවර්ධන)
ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයට අයත් තෝඩමඩුව විද්‍යාලයට ගුරුවරුන් ඉල්ලා මව්පියවරු පිරිසක් අද(18) පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී සිටිති.
සිසුන් 200කට අධික පිරිසක් ඉගෙනුම ලබන තෝඩමඩුව පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා දැනට සිටිනුයේ ගුරුවරුන් 5දෙනෙකු පමණක් බවද, ප්‍රාථමික ශ්‍රේණිවල ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතව ඇතුළු ප්‍රධාන විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් හිඟ බවද උද්ඝෝෂකයෝ පවසති.
මෙම විරෝධතාවට මව්පියවරු 150ක් පමණ එක්ව සිටිති.