තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න


විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
 
1999 වසරේදී ගෘහ සේවය සඳහා ජෝර්දාන් බලා පිටත්ව ගිය  හාල්පන්දෙණිය , අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි  එදිරිසිංහ පේඩිගේ මහත්මිය  හා 2015 වසරේ මැලේසියාවට ගෘහ සේවය  සඳහා  පිටත්ව ගිය කණ්ඩලම දඹුල්ලේ පදිංචි ආර්.එම් සමීර මධුෂංක මහතා පිබඳව මේ වන විට තොරතුරු සොයන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
 
මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙසද කාර්යාංශය දන්වා සිටි.

(36698)