තේ ගස් කපන පිහියකින් කපා අයෙක් ඝාතනය කරලා



 
 
(ජේ.කේ.එල් චාමින්ද)
     
දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් තේ ගස්  කපන පිහියකින් කපා කොටා එක් දරු පියෙකු අද (7) පස්වරුවේදී ඝාතනය කර ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.


මෙසේ ඝාතනය කර ඇත්තේ කුමාරවේලු චන්ද්‍රකුමාර (29) නැමති පුස්වැල්ලවත්ත මායකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 


මෙකී ගැටුමේදී එක් අයකු කැපුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ  ප්‍රතිකාර ලබයි. 


මෙකී දෙපාර්ශවය අතර ආරවුලක් ඇතිවී තිබෙන අතර මොවුන් ගල්වලින් ගසා ගෙන ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.