තෙවසරක දී 36,995 කට ද්විත්ව පුරවැසිභාවය


(ජයන්ත සමරකෝන්)

වසර 3 ක් තුළ පුද්ගලයන් 36,995 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

2015 මාර්තු මස 23 වැනි දා සිට අවස්ථා 23 කදී මෙලෙස ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ද අවසන් වරට 915 දෙනෙකුට එම අවස්ථාව හිමිවූ බවද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

විදේශිකයකුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 ක තැන්පතුවක් ඉදිරිපත් කළ විට ශ්‍රී ලංකාවේ වසර 5ක වීසා ලබා ගැනීමටත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක තැන්පතුවක් ඉදිරිපත් කරන්නේ නම් වසර 10 කට වීසා ලබාගැනීමටත් ඉදිරියේ දී අවස්ථාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.