රත්මලාන පුරාණ රජමහා විහාරස්ථානයේ (තුන් බෝධියේ) කඨින පෙරහර අද වීදි සංචාරය කළේය.
විහාරාධිපති හේවෙස්සේ නන්දාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම පැවැත්විණි. පෙරහර රත්මලාන සුමංගල පාරෙන් බ්‍රහස්පතින්දා අලුයම වීදි සංචාරය ඇරඹීය.
උඩරට පහතරට නැටුම් අංග කිහිපයකින් පෙරහර සමන්විත වූ අතර විහාරස්ථානයේ දායක දායිකාවෝ , දහම් පාසල් සිසුහු සහ ප්‍රදේශවාසීහු කඨින චීවරය රැගත් පෙරහරේ ගමන් කළහ. අරුණ නැඟෙන්නට පෙර කඨින චීවරය මහා සංඝරත්නයට පූජා කළේ ඉපැරණි චාරිත්‍ර අනුගමනය කරමිනි.