තිරප්පනේ අනතුරකින් අයෙක් මරුට



(දයාරත්න ඇඹෝගම)

තිරප්පනේ මහනාම විද්‍යාලය අසල මුර සංචාරයක නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයකු  වෑන් රථයක ගැටීමෙන් මිය ගිය බව තිරප්පනේ පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කුඩාගම ඇටවිරගොල්ලැව මැදවච්චිය පදිංචිව සිටි ඩි.පියසේන (45) නැමැති සිවිල් ආරක්ෂක භටයෙකි.

මියගිය සිවිල් ආරක්ෂක භටයා තිරප්පනේ පොලිසියට අනුයුක්තව සේවය කරන ලද අතර ඔහු සිද්ධිය වු අවස්ථාවේදී තිරප්පනේ මහනාම විද්‍යාලය අසල මුර සංචාරයේ නිරතව සිටි බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය පැදවු රියදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට  නියමිතය.