(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හිමාලි කහවල)
ඉංගිරිය හඳපාන්ගොඩ තේ වත්තක් තුළදී තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 60 හැවිරිදි දෙදරු මවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව බෑවුමක් සහිත තේ වත්තක ඉහළින් පිහිටා ඇති නිවසක පදිංචි සිටින අතර සවස් කාලයේ තේ වත්තට පහළින් පිහිටි පුතාගේ නිවසට යාමට පුරුද්දක් කරගෙන තිබූ බව සිදු කළ මූලික විමර්ශන වලදි අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා අද (12) රැකියාව නිමවී පුතුගේ නිවසට පැමිණි බිරිඳ සොයා බැලීමේදී ඇය එහි නොමැති බව දැන ගෙන සොයා බලන විට බිරිඳ දරුණු කැපුම් තුවාල සහිතව වැටී සිටිනු දැක ඇතැයි පොලිසිය කියයි.