(එම් .සුසිල් ප්‍රියන්ත)
කොස්ගොඩ ගොඩගමදි අද (25 ) තියුණු ආයුධයකින් ඇණ පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
මියගොස්කො ඇත්තේ, කොස්ගොඩ ගොඩගම පදිංචි 34 හැවිරිදි සමන්ත ජයලත් නමැති විවාහක පුද්ගලයෙකි.
ඝාතනයේ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
සැකකාර ඝාතකයාත් ඔහු අතින් ඝාතනයවු අයත් එකම ගමේ වෙසෙන මිතුරන් බවත් මේ සිදුවීමට පෙර දින රාත්‍රියේ දෙදෙනාම එකට මත්පැන් පානය කර ඇති බවත් දෙදෙනා අතර ඇතිවු කතා බහක් දුරදිග යාමෙන් පසු ඝාතනය සිදුවී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.
කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.