තැපැල් සේවකයෝ තංගල්ලේදී විරෝධතාවයක


අනීශා මානගේ


​ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් සේවකයින් ආරම්භ කල වැඩ වර්ජනයට රජයෙන් සාර්ථක පිළිතුරක් නොලැබීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් සේවකයෝ අද (23) තංගල්ල නගරයේදී විරෝධතාවයක නිරත වූහ.


උදෑසන 11.00ට පමණ තංගල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අසලින් ආරම්භ කල විරෝධතාවය තංගල්ල මහවෙල හරහා මාතර මාර්ගය ඔස්සේ තංගල්ල නගරයට පැමිණ, පසුව ඔවුහු බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.