තාවකාලික රියදුරු බලපත්‍රයේ පිටපත සොරාගත් රියදුරකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)  

                           
බොරැල්ල පොලිසිය රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලබාදුන් තාවකාලික රියැදුරු බලපත්‍රයේ පිටපත සොරාගත් පෞද්ගලික බස් රථ රියැදුරකු අද(09) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.    
                                  
ජංගම දුරකථනය භාවිත කරමින් බස් රථය  ධාවනය කළ රියැදුරුගේ  බලපත්‍රය රථ වාහන රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරයකු සිය බාරයට ගෙන තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දී ඇති බවත් පසුව එම බලපත්‍රය අසළ බැම්මක් මත තබා ඔහු රාජකාරියේ නිරතව සිටියදී රියදුරු තාවකාලික බලපත්‍ර පොත ගෙන තමාට නිකුත් කරන ලද බලපත්‍රයේ පිටපත කඩා පිටව ගොස් තිබූ බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.  
                                  
එය දුටු ආරක්ෂක නියාමකවරයකුගේ දැනුම්දීම මත රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර  ඔහුගේ සාක්කුවේ තිබී පිටපත හමුවී ඇත. 
                                                    
අත්අඩංගුවට පත් සැකකාර රියැදුරු රාජාංගනය යාය 1 පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.                                             
සැකකරු අලුත්කඩේ රථ වාහන අංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.