(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටි පොල් ලි පලන්නෙකු හොරණ පෝරුවදණ්ඩ රත්මල්ගොඩ ඇළට ත්‍රීරෝද රථයක් සමඟ පෙරලී දියේ ගිලි අද( 27)මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි.
අනතුරින් මිය මියගොස් ඇත්තේ කිරිගල හඳපාන්ගොඩ පදිංචිව සිටි රණවීරගේ උදය කුමාර (40) දෙදරු පියෙකි .
මියගිය පුද්ගලයා අද අළුයම හඳපාන්ගොඩ දෙස සිට පෝරුවදන්ඩ දෙසට ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී තිරෝද රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් වෙල් යාය ආසන්නයෙන් බෝක්කුවේ ගැටී ත්‍රීරෝද රථයක් සමඟ ඇළට පෙරලී දියේ ගිලී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .
හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.