(ක.ග කරුණාරත්න)
වැලිකන්ද සිංහපුර මාර්ගයේ වැලිකන්ද සිට සිංහපුර දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (28) සවස මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් අයෙකු මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇතතේ වැලිකන්ද සිංහපුර පදිංචිකරුවෙකු වන රංජිත් කුමාර නැමැති 40 හැවිරිදි අයෙකි.
අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරා ඇතුළු තිදෙනෙකු ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහලට ඇතුළත්කර ඇත.
ත්‍රීරෝද රථයේ රියදුරුට නින්දයාම මෙම අනතුරට හේතුව බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.