(සම්පත් ප්‍රියනන්දන සහ චාමින්ද දිසානායක )
බලන්ගොඩ සමනලවත්ත මාර්ගයේ මස්සැන්න ප්‍රදේශයේදී අද (26) ත්‍රීරෝද රථයක් පෙරලීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ පදිංචි එම්.එචි.සෝමපාල නැමති (56) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ බලන්ගොඩ රයිවත්ත ප්‍රදේශයේ පදිංචි ජොසප් නැමති පුද්ගලයකු වන අතර ඔහු බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය කියයි.ත්‍රීරෝදරථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.