(එම් .සුසිල් ප්‍රියන්ත)
ගාලු පාරේ බලපිටිය පාතේගමදී අද (1) ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු මරුමුවට පත්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ අනතුරින් මරුමුවට පත්වී ඇත්තේ මාතර කෝට්ටේගොඩ තලල්ල දකුණ ප්‍රේමදාස සුරංග සමරසිංහ නමැති අයෙක් බවද පොලීසිය කියයි.
ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන බවත් නව වසරේ රාජකාරීයට වාර්ථා කිරීමට සිය ත්‍රීරෝද රථයෙන් මාතර සිට කොළඹ බලා යමින් සිටියදී මේ රිය අනතුරට ලක්වී ඇති බවත් පොලීසිය කියයි.
රිය අනතුරට සම්බන්ධ ලොරි රථය කොළඹ සිට ගාල්ල දෙසට භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවද පොලීසිය කියයි.
මේ රිය අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
මේ රිය අනතුරින් මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද (1 ) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ