ත්‍රී රෝද රථය අඩි 100 ක් ප්‍රපාතයේ



(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ - ඩයගම මාර්ගයේ ලිඳුල රෝහල අසල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් අඩි 100 ක පමණ ප්‍රපාතයකට අද (08) සවස පෙරැළී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු  තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා  බරපතල තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොළඹ  සිට ආගරපතන  බලා ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවත් රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට  පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

තුවාල ලැබුවන් ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපල තුවාල ලැබු පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර  සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

ලිඳුල පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.