ත්‍රිරෝද රියක් පෙරැළී පාසල් ළමුන් 5 ක් රෝහලේ


(රංජිත් රාජපක්ෂ)
                                                   
පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරැළීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 5දෙනෙකු සහ රියදුරා  තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.

හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය ඔටරි වත්ත ප්‍රදේශයේදී අද(01) මෙම අනතුර සිදුව ඇත.

අධික වේගයෙන් ධාවනය වූ රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා පෙරැළී ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.