(අනීෂා මානගේ)
තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී අද (17) පස්වරුවේදී සිදුවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
අධික වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක් පාගමනින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටීම නිසා අනතුර සිදුවී තිබේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොම්මාරුව ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවකි.
අනතුර සිදුකළ ත්‍රී රෝද රථ රියදුරු තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.