ත්‍රිරෝද රිය අඩි 50 ක් පහළට: දෙදෙනකුට තුවාල


( රංජිත් රාජපක්ෂ)

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ එක් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා අද (12) දින අලුයම දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් බඹරගල වතු යායේ නිවසක තිබු උත්සවයක සහභාගි වි ආපසු නෝටන්බ්‍රිජ් බලා ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේ අලුයම 1.30 ට පමණ ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේය.

ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ ත්‍රිරෝද රථයේ රියදුරා සමග මගින් තිදෙනෙකු ගමන් කර ඇති බවත්,ත්‍රිරෝද රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට පොලිසිය සැකකරයි.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.